Latestදේශීය

ඩිල්ශාන් ඇතුළු ක්‍රීඩකයෝ දියවන්නාව මෙපිට නතර වෙති

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් හා ජාතික තලයේ ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පරා­ජ­යට පත්ව තිබේ. ශ්‍රී ලංකා හිටපු වොලි­බෝල් ක්‍රීඩක ශාන්ත බණ්ඩාර මහතා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ගෑස් සිලි­න්ඩ­රය යටතේ තරග කොට පරා­ජ­යට පත්වූ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ හිටපු උප සභා­පති හා මීටර් 100 ජාතික තලයේ හිටපු ක්‍රීඩක අනිල් වීර­සිංහ මහතා පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යෙන් පොහො­ට්ටුව යටතේ තරග කොට පරා­ජ­යට පත් විය.

මෙයට අම­ත­රව මෑත­කදී මලල ක්‍රීඩා­වෙන් විශ්‍රාම ගත් ෂෙහාන් අඹේ­පි­ටිය ‘පද­ක්කම’ යටතේ ජාතික ලැයි­ස්තු­වෙන් ඉදි­රි­පත්වී සිටි­යද ඔහුට ද අව­ස්ථා­වක් හිමි නොවනු ඇතැයි වාර්තා වේ.

කළු­තර දිස්ත්‍රි­ක්ක‍‍යෙන් ‘මයි­ක්‍ර­ෆෝ­නය’ යටතේ තරග කළ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් මහතා පරා­ජි­ත­යන්ගේ ගොඩට එකතු වෙද්දී ඔහුගේ පක්ෂ­යට කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන්ම ලැබී ඇත්තේ ඡන්ද 7090ක් පමණි. එය 1.04%ක පමණ සුළු ප්‍රති­ශ­ත­යක් වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව වෙනු­වෙන් ටෙස්ට් තරග 87කට හා එක්දින තරග 330කට සහ­භා­ගිවූ ඩිල්ෂාන් විස්සයි20 තරග 80කට ක්‍රීඩා කළේය. එබැ­වින් ක්‍රීඩා­වෙන් ලබන ජන­ප්‍රි­ය­ත්ව­යට මෙවර මැති­ව­ර­ණ­යේදී ජන­තාව ප්‍රති­චාර දක්වා නැති බව විචා­රක මතය වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *