2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට කිසිදු සැකයක් නොමැති බව ICC ය නිවේදනය කරයි.
ICC දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා මේ සම්බන්ධව අද(03) ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදි ඔහු තව දුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ විරෝධි ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටියත් එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බවයි.
එම ප්‍රකාශය……
“2011 වසරේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්දව මෑතදී එල්ල වූ චෝදනා පිළිබඳව ICC දුෂණ විරෝධී ඒකකය සොයා බැලිමක් සිදු කලා.මේ අවස්ථාව වන විට ICC දුෂණ දුෂණ විරෝධී ඒකකයට විමර්ශනයක් ආරම්භ කිරීමට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් ලැබී නැහැ.”
“ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ විරෝධි ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර ඇතත් එවැනි ලිපියක් මේ දක්වා ලැබී නැහැ. එවැනි ලිපියක් මිට පෙර ලැබි ඇත්ද යන්න පිළිබඳව අපගේ ජේෂ්ඨ නිලධාරින්ද තහවුරු කර නැහැ. 2011 ලෝක කුසලාන අවසන් තරගය ගැන අපට කිසිදු සැකයක් නැහැ”
“තරග පාවා දීමේ සිද්ධීන් ගැන ලැබෙන සියලු චෝදනා අප අතිශයින් බැරෑරුම් ලෙස සලකනවා. මෙවැනි චෝදනා තහවුරු කිරීමට මේ දක්වා කිසිදුසාක්ෂි ලැබී නැහැ, එවැනි සාක්ෂියක් ලැබුනහොත් අප ඒ ගැන සලකා බලනවා. එමෙන්ම මෙම තරගය හෝ වෙනත් ඕනෑම තරගයකදී සිදුව ඇති බව කියන දුෂණ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා ICC දුෂණ විරෝධී කමිටුව වෙත ලබා දෙන්න”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
