ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව සාන්ත ජෝශප් විදුහලට
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිනුම් සංකීර්ණයේදී පැවති 47 වැනි ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ශාන්ත ජෝශප් කණ්ඩායම ලකුණු 613ක් රැස්කරමින් අඛණ්ඩව 17 වැනි වරටත් ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර ශාන්ත පීතර විදුහල මුළු ලකුණු 402 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවිය. සමස්ත ලකුණු 300 ක් ලබාගත් ආනන්ද විද්යාිලය තෙවැනි ස්ථානයට පත්විය. අනිකුත් පාසල් අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්යාදලය (222.5), නුගේගොඩ ලයිසියම් ජාත්යසන්තර පාසල (218), කොළඹ රාජකීය විද්යාගලය (200), මහනුවර ත්රිාත්ව විද්යාකලය (194.5) සහ වත්තල ලයිසියම් ජාත්යනන්තර පාසල (184.5) ලකුණු 100 ට වඩා රැස් කිරීමට සමත්වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

