Latestක්‍රීඩාදේශීය

පාසල් පිහිනුම් තරගාවලියේ බාලිකා ශූරතාව විශාඛා විදුහලට

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් සංකීර්ණයේ දී නිමාවට පත් වූ 47 වැනි ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
බාලිකා අංශයේ ලකුණු 475 ක් රැස්කරමින් විශාඛා විදුහල පිටපිට දෙවන වතාවටත් ශූරතාව දිනා ගැනීමට සමත්විය.
කොළඹ කාන්තා විද්‍යාලය (301.5) සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (267) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
හිටපු ශූරියන් වන මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සිවුවැනි ස්ථානයට පත්වූඅතර අනිකුත් කණ්ඩායම් අතරින් මියුසියස් විද්‍යාලය (197.5), ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල (132), පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල (131), අනුලා විද්‍යාලය (115), ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය (114) සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (113) පළමු පාසල් දහය අතරට පැමිණියා.
නව තරග වාර්තා තුනක් පිහිටවූ විශාඛාවේ ගංගා සෙනෙවිරත්න වයස අවුරුදු 20න් පහළ පිහිනුම් ශූරිය ලෙස ජය සංකේත ලබාගත්තා.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *