දේශීය

මග්ගොනදී දැරියන් දෙදෙනෙකු මුහුදු රලට හසුවී අතුරුදහන්

මග්ගොන මුහුදු තීරයේ දියේ ගිලී දැරියන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත. 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී එකවරම පැමිණි සැඩ රළ පහරකට 5 දෙනෙක් ගසාගෙන ගොස් ඇති අතර එහිදී තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ එකම පවුලේ සමාජිකයින් වන අතර ඔවුන් අවුරුදු 10ක් සහ අවුරුදු 8 ක් වයසැති දැරියන් දෙදෙනෙකි. මෙම පිරිස විවාහ උත්සවයකට සහභාගිවීමට පැමිණි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.



Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?