දේශීය

පළමු ශේණියට ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාවේ වෙනසක්

පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට නීතිමය අනුමැතිය හිමිව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ගුරු සහයකයින් බදවා ගන්නා පදනම මත සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට අවසර ලැබී ඇති අතර ඒ අනුව මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළේ. දරුවන්ගේ දක්‍ෂතා සහ හැකියාවන් පිළිබද තොරතුරු පහසුවෙන් දැන ගැනීමට හැකි වන පරිදි සෑම දරුවෙකුටම විශේෂිත වූ අංකයක් හදුන්වාදීමට පියවර ගන්නා බවත් එම අංකය පාසල් පද්ධතිය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වලංගු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *