ක්‍රීඩා

දෝනි සමුගනී..

ඉන්දීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ (15) ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මහේන්ද්‍ර සිං දෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි. රාත්‍රී 7.29 සිට මා විශ්‍රාමිකයෙකු ලෙස සලකන්න” යනුවෙන් සටහනක් තබා ඇත.

39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2004 වසරේ ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගත් අතර 2005 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත්තේය.

එක්දින තරග 350කදී සහ ටෙස්ට් තරග 90කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති මහේන්ද්‍ර සිං දෝනි විස්සයි විස්ස තරග 98කට සහභාගී වී ඇත.

2007 වසරේදී 31වන ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙස පත්වෙන දෝනි, එම වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයත් 2011 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණයත් 2013 වසරේ දී ශූරයන්ගේ කුසලානයත් ඉන්දීය කණ්ඩායමට හිමිකර දීමට සමත් විය.

සුවිශේෂී කඩුලු රකින්නෙකු ලෙසත් ඉන්දීය ක්‍රිකට් පිලේ විශිෂ්ට නායකයෙකු ලෙසත් මහේන්ද්‍ර සිං දෝනි සුවිශේෂි කාර්යභාරයක් ඉන්දියාව වෙනුවෙන් ඉටුකර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?