දේශීය

මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නව වැඩමුළුවක්

නව පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (25) සහ හෙට (26) යන දෙදින පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු සූදානම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව මන්ත්‍රීවරුන්ට මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර ඇත. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඊට සහභාගී වේ.

මෙහි දී විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන අතර මේ සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *