දේශීය

එ.ජා.ප නායකත්වයට කරූ ?

එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අද (24) දිනයේ දී වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විශේෂ නිවේදනයක් මඟින් දැනුම් දීමක් සිදුකර තිබේ.

එහි, වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සහ බොහෝ පාර්ශවයන්ගෙන් කෙරුණු ඉල්ලීම් සලකා බලා රටෙත් පක්ෂයෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන් කැමති බව කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම, තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම සහ 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා උපරිම ආකාරයෙන් කැප වූ බවත් මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු විය යුතු සියලු යුතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බවත් කරූ ජයසූරිය මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?