Latestවිදේශීය

බෙන්ජමින් නෙතන්යාහු තනිවෙයි

ඊශ්‍රා­ය­ලයේ අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ඔහුගේ ලිකුඩ් පක්ෂයේ මන්ත්‍රී­වරු 46 දෙනකු හැර සන්ධා­න­ගත වී සිටි කිසිදු පක්ෂ තව­දු­ර­ටත් නොමැති බවත්, නව රජ­යක් පත්ව­න­තුරු ඔහු තාව­කා­ලික අග­මැ­ති­ව­ර­යකු පම­ණක් බවත් හිටපු ආර­ක්ෂක ප්‍රධානී සහ යෂාර් පක්ෂයේ නායක ගාඩි අයි­ස­න්කොට් ප්‍රකාශ කර තිබේ. සිය සන්ධා­නයේ පක්ෂ නාය­ක­යන් සමඟ පෙරේදා පැවති සාක­ච්ඡා­ව­කදී ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ මැති­ව­ර­ණ­යේදී දුන් පොරො­න්දු­ව­ලට අනුව සහ ඊශ්‍රා­ය­ලයේ මූල­ධ­ර්ම­ව­ලට අනුව හදිසි ජාතික රජ­යක් පිහි­ටු­වී­මට සිය උප­රිම දාය­ක­ත්වය ලබා දෙන බවය. නෙත­න්යාහු හිත­වාදී පාර්ලි­මේන්තු කථා­නා­යක ඉවත් කිරීම, තීර­ණා­ත්මක පනත් කෙටු­ම්පත් සම්මත කිරීම සහ අධි­ක­රණ හා මාධ්‍ය ප්‍රති­සං­ස්ක­රණ නීති ඇතු­ළුව ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට තර්ජ­න­යක් වන සියලු නීති අව­ලංගු කිරී­මට පිය­වර ගන්නා බවත් අග­මැති අපේ­ක්ෂක ගාඩි අයි­ස­න්කොට් සඳ­හන් කර තිබේ. ඊශ්‍රා­ය­ලය තවත් මැති­ව­ර­ණ­ය­කට ඇද දැමී­මට සහ තව­දු­ර­ටත් බලයේ රැඳී සිටී­මට නෙත­න්යාහු ගන්නා උත්සා­හ­යන් වැළැ­ක්වීම සඳහා කඩි­න­මින් රජ­යක් පිහි­ටු­වන බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ලබන සති­යේදී නව පාර්ලි­මේ­න්තුව දිව්රුම් දීමෙන් පසු විපක්ෂ බල­වේ­ගය වෙනස් කිරී­මට නෙත­න්යාහු සැල­සුම් කර ඇතැයි ද ඔහු චෝදනා කර තිබේ.

ඊශ්‍රා­ය­ලයේ මිළඟ රජය පිහි­ටු­වීම සඳහා ගාඩි අයි­ස­න්කොට් වෙත සහාය දීමට විප­ක්ෂයේ දේශ­පා­ලන නාය­ක­යන් රැසක්ම එකඟ වී ඇති අතර, ඒ පිළි­බඳ ජනා­ධි­පති අයි­සැක් හර්සෝ­ග්හට නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට සූදා­න­මින් පසු­වන බවද වාර්තා වේ. ඊශ්‍රා­ය­ලයේ නව පාර්ලි­මේ­න්තුව දිව්රුම් දීම මේ මස 10 වැනි­දාට නිය­මි­තව ඇති අතර, 11 වැනි­දාට පෙර නව රජ­යක් පිහි­ටු­වීමේ වග­කීම පාර්ලි­මේ­න්තු­වට පැවරී තිබේ. අන­තු­රුව සන්ධා­න­යක් ගොඩ නැඟී­මට ඉහ­ළම හැකි­යාව ඇති බවට විශ්වාස කරන අපේ­ක්ෂ­කයා තෝරා ගනි­මින් නව රජ­යක් පිහි­ටු­වී­මට සහ පාර්ලි­මේ­න්තුවේ බහු­තර එක­ඟ­තාව මත අග­මැති පත් කිරී­මට ජනා­ධී­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇතැයි වාර්තා වේ. කඩි­න­මින් රජ­යක් පිහි­ටු­වී­මට විප­ක්ෂය කට­යුතු කර­මින් සිටි­යද, ඒ සඳහා ආසන 19ක බලය අත්ක­ර­ගත් අරාබි පක්ෂ සමඟ සන්ධා­න­ගත වන්නේ­දැයි මෙතෙක් තීර­ණය වී නැති බවත්, ඒ පිළි­බඳ තව­දු­ර­ටත් මත­භේද පව­තින බවත් ඊශ්‍රා­යල මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *