Uncategorizedදේශීය

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක්

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම සඳහා වසර 05ක සැලැස්මක් සකස් කිරීමට අද (26) දිනයේ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙය කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර මෙම සාකච්ඡාව සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු සහ කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් 24 හි සභාපතිවරු හා අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු ආයතන ප්‍රධානීහු ද එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *