දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි ගුවන් ගමන් අරඹයි

Covid 19 ව්‍යාප්තිය හේතුවෙන් ගුවන් ගමන් සීමා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදු කරන බව ද එම ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මඟීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහාත් ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහාත් ආසන වෙන්කරවා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩි දුරටත් සඳහන් කරයි.

තෝරාගත් ගමනාන්ත

  • ඉතාලියේ – මිලාන්
  • එක්සත් රාජධානියේ – ලන්ඩන්
  • මාලදිවයිනේ – මාලේ
  • ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්
  • ප්‍රංශයේ – පැරීසිය
  • ඕස්ට්‍රේලියාවේ – සිඩ්නි

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *