දේශීය

නැවේ ගින්න හේතුවෙන් නැගෙනහිර මුහුදු කලාපය අවධානමක

නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ හට ගෙන ඇති ගින්න මැඩලීම සඳහා ශ්‍රී ලංකාව නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහය ඇතිව තවදුරටත් මෙහෙයුම්වල නිරත වෙමින් සිටී.

ගින්නට හේතුව වී ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරයේ හටගත් පිපිරීමක් බව මේ වන විට අනාවරණය වී ඇත. තෙල් ගබඩාවට කිසිදු හානියක් වී නොමැති අතර යම් කිසි ආකාරයකින් තෙල් කාන්දුවක් සිදු වුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඊයේ (03) පෙරවරුවේ සිටගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ මෙහෙයුමෙන් නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමට කටයුතු සිදු කර ඇති අතර නෞකාවේ සිටි අතුරුදහන් වු බවට පැවසුණු පිලිපීන ජාතිකයා මියගොස් ඇති බව අද තහවුරු වී තිබේ.

බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් හා Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙන්ම නාවික හමුදාවේ නෞකා කිහිපයක් මෙහෙයුමට යොදා ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේ යම් කිසි හේතුවකින් මෙම නෞකාව පිපිරීමකට ලක් වුවහොත් විශාල පරිසර විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවයි. එම මුහුදු ප්‍රදේශයේ සිටින මත්ස්‍යය විශේෂ වලට හා මුළු පරිසර පද්ධතියටම මෙය තදබල ලෙස බලපානු ඇති බව ඒ මහතා අවධාරණය කරයි.

මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගබඩා කර ඇති තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 270,000 වන අතර යම් හෙයකින් තෙල් ගබඩා කර ඇති ප්‍රදේශයට ගින්න ව්‍යාප්ත වුව හොත් නියත වශයෙන්ම එය විනාශකාරී පිපිරුමක් බවට පත්වේ. මේ වන විටත් නැවෙහි බද කොටසේ ඉරි තැලීමකට ලක්ව ඇති අතර විනාශය අවම කර ගැනීමට මෙහෙයුම් හමුදා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?