දේශීය

අටලුගම ප්‍රදේශයේ උණුසුම් තත්වයක්

අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.

එම ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත ගංජා වැටලීමක් සඳහා එම ප්‍රදේශයට ගිය පොලිස් නිළධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා රැගෙන යන අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පහරදීමට තැත් කර ඇති හෙයින් පොලිස් නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

එම තත්වය පාලනය කිරීම සඳහා මේ වන විට අවට පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *