දේශීය

අටලුගම සිද්ධියට අදාළ 4ක් අත්අඩංගුවට

අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරුණු කාන්තාවන් තිදෙනෙක් ඇතුළුව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අද (09) පෙරවරුවේ ගංජා වැටලීමක් සඳහා ගිය පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට ප්‍රදේශවාසීන් බාධා කිරීමත් සමඟ එම ස්ථානයේ ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබීය.

එම සිද්ධියට සම්බන්ධ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *