දේශීය

මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් 09ක්

ගතවුණු පැය 24 තුළ දී මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් 09දෙනා අතරින් එක් අයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් 08දෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අය බව සෞඛ්‍ය අංශ පවසයි.

එම 09දෙනත් සමඟ මෙරට Covid 19 සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,140 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 2,935 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් Covid 19 ආසාදිතයින් 193 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *