Covid 19 ආසාදිතයින් 14ක්
ඊයේ (11) දිනය තුළ දී මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
එම ආසාදිතයින් 14දෙනා අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු සහ ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,169 දක්වා ඉහළ ගොස් ඇති අතර එම ආසාදිතයින් අතරින් පුද්ගලයන් 2,969 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
