නැවත අරඹමු මහමග විනය
“නැවත අරඹමු මහමග විනය” යන තේමාව යටතේ මං තීරු නීතිය අනිද්දා (14) සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථාන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
ඒ අනුව හයිලෙවල් පාර, ගාලු පාර, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ පාර යනා දී ප්‍රධාන මාර්ගයන් කේන්ද්‍රකර ගනිමින් මෙම නීතිය ක්‍රියාවට නැංවේ.
එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මගී ප්‍රවාහනය සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා “BAD BUS” නමින් ජංගම දුරකථන යෙදවුමක් එළි දක්වා ඇති අතර මේ හරහා මගීන්ට මෙන්ම බස් රථ හිමියන්ට ද තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
