ඇලෙක්සැන්ඩර් පරදා තයිම් ජයගනී
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගැනීමට ඔස්ට්‍රියානු ජාතික දොමිනික් තයිම් සමත් වී ඇත.
ආරම්භක වට දෙකේදි 2-0 ලෙස පරාජයට පත්වී සිටි ඔහු අවසන් වට තුන ජයගෙන ශූරතාවය ජය ගත්තේ වසර 71 කට පසු එවන් දස්කමක් දැක්වූ ප්‍රථමයා බවට පත්වෙමිනි.
තරග අවසානයේ දී වර්තමානයේ පවතින සමාජ දුරස්ථභාවය පිළිබඳ උපදෙස් පවා නොතකමින් ඇලෙක්සැන්ඩර් ස්වරෙව් ශූරතාවය දිනා ගත් සිය එදිරිවාදියා වැලඳගත්තේ ය.

27 හැවිරිදි තයිම් ගේ ජයග්‍රහණය සටහන් වූයේ 2-6, 4-6, 6-4, 6-3, 7- 6 ලෙසය.
මෙය ඔහු විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් දිනූ ප්‍රථම අවස්ථාවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
