අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අත් අඩංගුවට
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ක්‍රියාත්මක කළ වැටලීමකදී T56 ගිනි අවියක් සමඟ මනුෂ්‍ය ඝාතනයකට සූදානම් වූ අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
‘යකඩ අජිත්’ නමින් හඳුන්වන එක් සැකකරුවෙකු කටාන ප්‍රදේශයේදී T56 ගිනි අවියක්, උණ්ඩ 13ක් හා මැගසින් එකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු එම ඝාතන සැළැස්ම සඳහා යතුරු පැදිය පැදවීමට සැළසුම් කළ අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අඟුලානේ ‘රොහා’ නැමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
