ඩීන් ජෝන්ස් අභාවප්‍රාප්ත වෙයි
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් මහතා අද (24) දින ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්ෂ 1961 මාර්තු 24 වන දින උපත ලැබූ එම මහතා මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ මෙහෙයක් කළ එතුමා ටෙස්ට් තරග 52කට සහ එක්දින තරග 164කට ක්‍රීඩා කර ඇත.
ඩීන් ජෝන්ස් මහතා ටෙස්ට් තරගයන්වල දී ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් ලබා ගනිමින් ලකුණු 3631ක් ලබා ගෙන ඇති අතර එක්දින තරගයන්වල දී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් ලබා ගෙන තිබේ.
ඩීන් ජෝන්ස් මහතා මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
