විදේශීය

22කට මරු කැඳවූ ගුවන් අනතුර

යුක්රේනයේ හමුදා ගුවන්යානයක් අනතුරකට ලක් වීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇන්ටනොව් 26 නම් ගුවන් යානය යි.
යුක්රේනයේ කාර්කිව් නගරයේ දී ගොඩබැස්වීමට උත්සහ කළ අවස්ථාවේ දී ඇන්ටනොව් 26 ගුවන් යානය කඩාවැටී ඇති අතර මෙම අනතුරෙන් ගුවන් හමුදා කැඩෙට් භටයින් බහුතරයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 27 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

එම 27 දෙනා අතරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන් වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *