අසාද්ගේ පියාගේ සොහොනට ගිනි තබයි
සිරියානු කැරලිකරුවන් විසින් බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පියා වන දිවංගත හිටපු ජනාධිපති හෆීස් අල් අසාද්ගේ පවුලේ උපන් නගරයේ පිහිටි සොහොන විනාශ කර ඇත.
බීබීසී ප්රවෘත්ති සේවය විසින් ප්රසිද්ධ කර ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ වෙරළබඩ ලටාකියා ප්රදේශයේ වයඹ දෙසින් පිහිටි කාර්දාහා හි දැවෙන සොහොන් ගෙය වටා ඇවිදිමින් සන්නද්ධ මිනිසුන් ගායනා කරන ආකාරයයි.
ඉස්ලාමීය කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) ප්රමුඛ කැරලිකරුවන් විසින් වසර 54ක අසාද් පාලනය පසුගියදා පෙරලා දැමීය. ඒත් සමඟම බෂාර් අල්-අසාද් රුසියාවට පලා ගිය අතර එහිදී ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සරණාගතභාවය ලබා දී ඇතැයි වාර්තා විය.
අභාවප්රාප්ත ජනාධිපති හෆීස් සහ ඔහුගේ පුත් බෂාර්ගේ ප්රතිමා සහ පෝස්ටර් රට පුරා විනාශ කර දමමින් ඔවුන්ගේ පාලනයේ අවසානය සමරන සිරියානුවන් ප්රීති ඝෝෂා නගමින් සිටින බව වාර්තාවේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

