සහල් ආනයනය අරඹයි
ආනයනය කරන ලද සහල් කිලෝ 75000ක් රේගුවෙන් මුදා හැර තිබේ. ඊයේ(11) දින මුදාහරින ලද මෙම සහල් අද සිට වෙළදපොලට නිකුත් කිරීමට නියමිතයි.
පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙම සහල් තොගය ආනයනය කරන ලද අතර සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇත.
සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සහල් ආනයනය කිරීමට පෞද්ගලික ආනයනයකරුවන් කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

