දේශීය

හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

හෙට (30) පෙරවරු 6 සිට පැය 24ක කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙහිගහලන්ද, මිරිජ්ජවිල, සිසිපසගම, ගොඩවාය, මානජ්ජාව සහ පහළ බැරගම යන ප්‍රදේශයන් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

අම්බලන්තොට සිට හම්බන්තොට දක්වා ජලය ගෙන යනු ලබන සම්ප්‍රේෂණ නළය හම්බන්තොට වරායේ සිට එලන සම්ප්‍රේෂණ නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *