Latestදේශීය

හිඟ ඖෂධ වර්ග කඩිනමින් ලබාදෙනවා: ලෝක සෞඛ්‍ය සංවිධානය

මෙරටට හිඟව පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර පැවැති සාකච්ඡාවක දී මේ බව පවසා ඇත.

අමාත්‍යවරයා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනීවා නුවරදී මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි. මෙරට ඖෂධ හිඟය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *