දේශීය

19ක් නිරෝධායනය අවසන් කරයි

අද (01) දිනයේදී තවත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව යාමට නියමිත බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව මෙරට නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 47,102 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7,052 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 78ක් තුළ තවදුරටත් නිරෝධායනය වේ.

තවද Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 332 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *