තවත් 20කට ඊශ්‍රායෙල් රැකියා අවස්ථා
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුට අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ඊයේ (07) ගුවන් ටිකට්පත් ලබා දුන්නා.
මෙම වසරේ ගත වූ කාලය තුළ දී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබෙනව.
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර මෙරටින් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ද සහතික වී තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී ඇත.
@මාධ්‍ය ඒකකය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

