නැව් සමාගමෙන් මිලියන 442ක වන්දි මුදල් ගෙවයි
මෙරට මුහුදු සීමාවේ දී ගිනිගැනීමට ලක් වූ “MT NEW DIAMOND” නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක වන්දි මුදල අදාළ නැව් සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනි නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම වන්දි මුදල් නැවේ ගින්න නිවීමට වැය වූ මුදල පමණක් බවත් සමුද්‍රීය හානිය සඳහා වූ පිරිවැය ඊට අදාළ නොවන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
