සමස්ථ ආසාදිතයින් 4,252 දක්වා ඉහළට
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් තහවුරු වූ කොවිඩ් නියැදියෙන් මේ වන විට ආසාදිතයින් 832 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ සමඟ මෙරට දී හඳුනාගැනුනු සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යා 4,252 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එම සමස්ථ ආසාදිතයන් අතරින් මේ වන විට 3266 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 973 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයන් රැසකට ඇඳිරි නීතිය පනවා ඇති අතර දිවයිනේ කොවිඩ් තත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
