ක්‍රීඩා

CS පරදා KKR ජයගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවැති තරගය ලකුණු 10කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 167ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිළට කඩුලු 5ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණි.

එම තරගය ජයගැනීමත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත් වී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (08) තරගය සන් රයිසස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර ඩුබායි හි දී පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *