රටම Lockdown කරන්නේ නැහැ – යුද හමුදාපති
සති අන්තයේ කොළඹ සහ වෙනත් ප්‍රදේශවල පොලිිිිස් ඇඳිරිනීතිය හෝ දිවයින පුරා Lockdown කිරීමක් සිදුනොවන බව COVID 19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) නිවේදනය කර ඇත.
එමෙන්ම දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ Lockdown කර ඇති ප්‍රදේශවල පමණක් එම නීති නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලදි.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ වෛරසයේ ව්‍යාප්තිය කෙතෙක්ද යන්න තවදුරටත් අණාවරනය වී නොමැති නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වගකීම් සහගත ලෙස පිළිපැදීම ජනතාවගෙන් මේ මොහොතේ සිදුවිය යුතු අනිවාර්ය කාරණයක් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
