දේශීය

දිවයිනේ කොවිඩ් තත්වය

ගත වූ පැය විසි හතර තුළ නව කොවිඩ් වෛරස ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 4,523 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එම හඳුනාගත් 35 දෙනා අතරින් 30 දෙනෙකු දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් වාර්තා වන අතර අනෙක් පුද්ගලයින් 05 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) හඳුනාගැනුනු ආසාදිතයින් 30 දෙනත් සමඟ 1083ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සමස්ථ ආසාදිතයින්ගෙන් 3,296 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 1,214 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *