යුරෝපා රටවල්වල කොරෝනා රෙගුලාසි දැඩි කෙරේ
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩිකර තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යය අදියර තුනකින් යුත් කොරෝනා රෙගුලාසි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට යුරෝපයේ පුද්ගලයින් ලක්ෂයකින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන චෙක් ජනරජයේ සති තුනක කාලයක් පාසල්, තැබෑරුම් සහ රාත්‍රී සමාජ ශාලා අර්ධ වශයෙන් වසා දමා ඇත.
එමෙන්ම තවත් යුරෝපා රටක් වන නෙදර්ලන්තය අර්ධ වශයෙන් වසා දමන බවට නිවේදනය කර ඇති අතර ජනාකීර්ණ ස්ථාන තුළදී මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර තිබේ.
ප්‍රංශ ජනාධිපතිවරයා ද කොරෝනා මර්දන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඉතාලිය සහ ඔස්ට්‍රියාව ද කොරෝනා රෙගුලාසි දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
