විදේශීය

ජැසින්තා ආර්ඩන් දෙවන වරටත් නවසීලන්ත අගමැති ධූරයට

අද ( 17 ) පැවැති නවසීලන්ත මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව ජැසින්තා ආර්ඩන්ගේ  කම්කරු පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ආර්ඩන් මහත්මියගේ පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර දුර්ලභ පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කම්කරු පක්ෂය සිය ප්‍රධානතම ප්‍රතාවාදියා වන කන්සර්වේටිව් ජාතික පක්ෂය මෙන් ඡන්ද දෙගුණයක් පමණ ලබා ගෙන ඇතැයි සඳහන් වේ.

ගෝලීය වසංගතයක් වන Covid 19 වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීම ඇයගේ මෙම ජයග්‍රහණයට මූලිකම හේතුව ලෙස සැලකේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *