විදේශීය

පකිස්ථාන සුදු කොටි පැටවුන් දෙදෙනෙකු කොවිඩ් නිසා මියයයි

පසුගිය ජනවාරි මාසයේදී පකිස්ථාන සත්වෝද්‍යානයක දී මියගිය සුදු කොටි පැටවුන් දෙදෙනා කොවිඩ් ආසාදනය වී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Feline panleukopenia වෛරසය සඳහා ප්‍රතිකාර ආරම්භ කර දින 04කට පසු එනම් ජනවාරි 30 වැනිදා සුදු කොටි පැටවුන් දෙදෙනා මිය ගිය බවයි එරට ලාහෝර් සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කළේ.

සති 11 ක් වයසැති කොටි පැටවුන් දෙදෙනාගේ පෙනහළුවලට බරපතල හානි සිදුව තිබුණි.

අනතුරුව සත්වෝද්‍යාන පරිපාලනය සියලුම නිලධාරීන්ගේ PCR පරීක්ෂණය පැවැත් වූ අතර ඉන් පැටවුන් පෝෂණය කරනු ලැබූ එක් නිලධාරියෙකු ද ඇතුළුව 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගැනිණි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සුදු කොටි පැටවුන් දෙදෙනා මියයාමේ සිද්ධිය ලාහෝර් සත්වෝද්‍යාන කළමනාකාරිත්වයේ සහ බලධාරීන්ගේ නොසැලකිල්ල පෙන්වන්නක් බවයි.

සුදු කොටින් අතිශයින් දුර්ලභ වන අතර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා නිශ්චිත වාසස්ථානයක් සහ පරිසරයක් ඔවුන්ට අත්‍යවශ්‍ය වේ.

වෛද්‍යමය විධිවිධාන නොමැති සෞඛ්‍යාරක්ෂිත නොවන තත්වයන් යටතේ ඔවුන්ව කූඩු කිරීම සුදුසු නොවන බවට සත්වෝද්‍යාන කළමනාකාරිත්වයට චෝදනා එල්ල වී තිබේ.

නමුත් සත්වෝද්‍යානය තුළ නොසලකා හැරීමේ චෝදනා ප්‍රතික්ෂේප කරන එම කළමනාකාරිත්වය පවසන්නේ එම ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යවත් බව පැමිණ පරීක්ෂා කර බැලිය හැකි බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?