නාමල් සහ යෝෂිත කන්ටේනර් පැන්නූ හැටි
නාමල් සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනා පූර්ණ බලතල දරමින් ක්‍රියාත්මක කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා විදේශ රටවල්වලින් ලබා ගන්නා ලද ප්‍රධාන කන්ටේනර් ලෙසින් රේගු පරීක්ෂාවකින් තොරව පන්නා ගෙන ඇති බව හෙළි වී තිබේ.
රාවය පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ලියන ලද ලිපි රැසක් එකතු කරමින් ප්‍රකාශයට පත් කළ රාජපක්ෂ සමාගම නම් කෘතියෙන් මේ බව හෙළි වේ. සමාගම් පනත යටතේ 2007 අප්‍රේල් 04 වෙනි දින තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලියාපදිංචි කර ඇති අතර, එම සංවිධානයේ ලියාපදිංචි ලිපිනය ලෙස ලබා දී ඇත්තේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මන්දිරයයි. නාමල් රාජපක්ෂ එම සංවිධානයේ සභාපති සහ යෝෂිත රාජපක්ෂ එහි උප සභාපතිවරයා ලෙසින් පත් කර ගෙන තිබිණි.
එම සංවිධානයෙන් හොර රහසේ ම කන්ටේනර් පිට කිරීම පිළිබඳව රාජපක්ෂ සමාගම කෘතියේ දැක්වෙන්නේ “තාරුණ්‍යයට හෙටක් සංවිධානය ආරම්භ කර ඇති යූත් ටීවී ආදී ව්‍යාපෘතිවලට අවශ්‍ය බදුවලින් බේරී යා හැකිය. විදේශීය සහ දේශීය ප්රධානවලට බදුවලින් බේරී යා හැකිය. එසේ වුවද එම සංවිධානයේ නමට විදේශයන්ගෙන් ලැබෙන කන්ටේනර් හොර රහසෙන් වරායෙන් පිට කිරීමේ වුවමනාවක් ඇති වන්නේ නැත.” යනුවෙනි. එම කන්ටේනර් පිට කිරීම පිළිබඳව 2010 ජනවාරි 17 සහ 24 යන දෙදින රාවය පුවත්පතේ සවිස්තර ලිපි පළ කර තිබූ බව සඳහන් කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

