දේශීය

දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කරයි

මෙරට පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

ඒ අනුව මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවලත් මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලත් දුම්රිය නොනවත්වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවාව තවදුරටත් ක්‍රියාත්මක බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *