දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහියකට වැසි

අද (25) උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස 2.00 පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්වයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසිත් සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් අනතුරු ඇතිවිය හැකි බැවින් එම අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *