MI කණ්ඩායමට කඩුලු 5ක ජයක් – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (30) පැවැති තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පරදා කඩුලු 5කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා සිය ප්‍රතිවාදී කණ්ඩායමට ඇරයුම් කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි රෝයල්ස් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස්කර ගැනීමට සමත් විය.
ලකුණු 165ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ දී ලකුණු 166ක් රැස්කර තරගය ජයගත්තේ කඩුලු 5ක් අතැතිවයි.
පන්දු 43කදී ලකුණු 79ක් රැස්කළ සූර්යකුමාර් යාදව් තරගයේ වීරයා විය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
