දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙකුටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පවතින අවදානම සම්බන්ධයෙන් සලකා බලා සිදුකළ PCR පරීක්ෂණයකින් එම සේවකයා කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ආසාදිතයෙක් ලෙස හඳුනාගත් සේවකයා මේවන විට රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *