ක්‍රීඩා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළි තරග බිමට

කොවිඩ් වෛරසය ශරීර ගතවීම හේතුවෙන් පුරා සති දෙකක් ක්‍රීඩා කටයුතුවලින් ඈත් වී සිටි සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සියරා ඒ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (01) පැවැති තරගයට ආදේශ ක්‍රීඩකයෙකු වශයෙන් සහභාගී විය.

වෛරසය ශරීර ගතවීම හේතුවෙන් තරග 4ක් අහිමිව ගිය රොනාල්ඩෝ එම තරගයේ දී ගොල් දෙකක් වාර්තා කරමින් ජුවෙන්ටස් කණ්ඩායමට 4-1ක ජයග්‍රහණයක් අත්කර දීමට සමත් විය.

ඔක්තෝබර් 13 වෙනිදා තමන්ට වෛරසය ආසාදනය වී ඇතිබව දැනගත් රොනාල්ඩෝ පසුගිය බදාදා චැම්පියන්ස් ලීග් තරගාවලියේ බාසිලෝනා කණ්ඩායම සමඟ තරගයට සහභාගි වීමට නොලැබුණේ ඒ වන  විටත් කොරෝනා පොසිටිව් තත්ත්වයේ පසුවීම නිසා බව කණගාටුවට පත් ඔහු සිය සමාජ මාධ්‍ය හරහා දන්වා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *