Latestදේශීය

ආන්ඩුව මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේෂ ඉවත දමයි?

ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සහ මහජන සහනාධාර බෙදීමේ මුවාවෙන් විවිධ දේශපාලන ව්‍යාපෘති දියත් කර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ ඉවත දැමීමේ අනතුරක් මතු වෙමින් පවතී.

මේ සඳහා අලුතින් ම එකතු වී තිබෙන්නේ (13) අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලද යෝජනාවක් ය. ග්‍රාමීය වැව්, පාළම්, මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් වෙන් කළේ යැයි කියන රුපියල් කෝටි 21,259ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. මේ ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රජා උපදේශන කමිටු පිහිටුවා දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගන්නා ලද උත්සාහය ද නවතා දමන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ලිඛිත්ව දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත් ප්‍රවෘත්ති පළ කර තිබුණේ ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව අතර ගැටුමක් පවතින්නේ ද යන සැක මතුකරමින් ය. එවැනි තත්වයක් තුළ කැබිනට් මණ්ඩලයේ නව යෝජනා සම්මතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.

2024.05.13 දින අමාත්‍ය මණ්ඩල තීරණ අතරින් අංක 08

08. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම

කඩිනමින් සංවර්ධනය විය යුතු යැයි හඳුනාගත් ක්ෂේත්‍ර සඳහා 2024 අයවැය මඟින් යෝජනා 50 ක් යටතේ රුපියල් බිලියන 212.59 ක ප්‍රතිපාදන අමාත්‍යාංශ කිහිපයක් වෙත වෙන් කරනු ලැබ ඇත. එම යෝජනා අතුරින් 13 කට අදාළ ව්‍යාපෘති ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. පසුගිය වසර කිහිපය තුළ පැවති ආර්ථික ගැටලු හේතුවෙන් සහ විදේශ ආධාර මත ආරම්භ කරනු ලැබ ඇති ඇතැම් සංවර්ධන වැඩසටහන් ණය ප්‍රතිව්‍යුහගත කරණ වැඩසටහන අවසන් වන තෙක් අත්හිටු වීමට සිදුව ඇති බැවින්, ග්‍රාමීය මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට අහිමි වී ඇත. විශේෂයෙන්ම, ග්‍රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ මාර්ග වැඩිදියුණු කිරීම්, ග්‍රාමීය ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් මෙන්ම ග්‍රාමීය පාසල්, රෝහල්, අඩු ආදායම් නිවාස සහ ග්‍රාමීය ජල සම්පාදන වැනි සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර දෙන ලෙස විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ඊට පිළියමක් වශයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති වැඩසටහන් වලින් අපේක්ෂිත ඉතුරුම් අරමුදල්, ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් හා අතරඟ නවතා දමා ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් නිම කිරීම සඳහා යොදා ගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?