දේශීය

සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ ස්ථානවල පහසුකම් වෙන්කරගත් සංචාරකයින් සඳහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම්දෙන බව වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් ජී. සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *