ගම්පහට රු 5000 බෙදීමේ දෙවන අදියර – අඟහරුවාදා සිට
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් රුපියල් 5000ක දීමනාව ලබාදීමේ දෙවන අදියර හෙට ( 03 ) දින සිට ජිවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා ලබාදීමට නියමිතව ඇත.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 464,254 දෙනෙකු දෙවන අදියර යටතේ රුපියල් 5000ක දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ.
සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ, එම දීමනාව සතියක කාලයක් තුළ ලබාදී අවසන් කරන ලෙස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු අදියර යටතේ පොලිස් බලප්‍රදේශ 03ක පවුල් 80,000ක් සඳහා රුපියල් 5000ක දීමනාව මේ වන විටත් ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
