විදේශීය

ට්‍රම්ප් ඉනන්වා ද ? යනවා ද ? තීරණය අද

59 වැනි ඇමරිකානු ජනාධිපතිවරණය අද (03) පැවැත්වේ.

ලෝක බලවතා යන විරුදාවලිය ලත් ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා ප්‍රාන්ත 50ක ජනතාව තම ඡන්දය පාවිච්චි කරමින් සිටී. ඒ ඉදිරි වසර 4 සදහායි. මේ වන විට මිලියන 100කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙවර අපේක්ෂකයන් වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් අතර ඉතා තියුණු තරගයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ජනාධිපති ධූරයේ සිටිනවා ද නැද්ද යන්න තව පැය කිහිපයකින් තීරණය වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *