විදේශීය

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු දැරිවියක් සොයා ගනී

පසුගියදා තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ සිදුවු භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යටවී සිටි දෙහැවිරිදි දැරියක්ව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ.

භූ චලනය සිදුවී පැය 91කට පසුව දැරිවිය බේරාගෙන ඇති අතර ඇයගේ මවගේ මළ සිරුර දැරිවිය බේරාගෙන පැය කිහිපයකට පසු සහන කණ්ඩායමකට හමු වී ඇති බව සඳහන් වේ.

තුර්කියේ පසුගිය සිකුරාදා සිදුවූ භූ කම්පනයෙන් 105 දෙනෙක් මියගොස් ඇති අතර 1,027 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම භූ කම්පනය රික්තර් මාපකයේ 7.0 ලෙස දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *