සිංගප්පූරුව සංචරණ සීමා ලිහිල් කරයි
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 13 වැනි දා සිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන කොවිඩ් මර්දන එන්නත ලබාගත් සංචාරකයන් රටට ඇතුළු කරගැනීමට සිංගප්පූරුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෛනික ආසාදිතයන් ඉහළ යෑමත් සමග වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එරටට දැඩි සංචරණ සීමා පැනවිණි.
කෙසේවෙතත් එම සංචරණ සීමා හමුවේ සිංගප්පූරුවේ සංචාරක මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයට ද එල්ල වුණේ දැඩි බලපෑමකි.
කොවිඩ් සමග ජීවත්වීමේ උපායමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු කාලය මෙය බව එරට අගමැති ලී සියැන් ලූන් පවසයි.
එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා භෝජනාගාරවලදී ආහාරපාන ලබාගැනීමටත් සාප්පු සවාරිවල නිරත වීමටත් අවසර ලබාදී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉගැන්වීම් කටයුතු තවදුරටත් Online ක්‍රමයට සිදුකිරීම සඳහා දිරිමත් කරන නමුත් වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා පාසල් යළි විවෘත කිරීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවයි.
සිංගප්පූරුව දැනටමත් ජර්මනිය සහ බෘෘනායි යන රටවල එන්නත් ලබාගත් සංචාකරයන් සඳහා රට විවෘත කර ඇත.
එහි සාර්ථකත්වය මත තවත් රටවල් 9ක එන්නත ලබාගත් සංචාරකයන් සඳහා නිරෝධායනයෙන් නිදහස් සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුලු රටවල් 8කට ලබන 13 වැනි දා සිටත් නොවැම්බරයේ සිට දකුණු කොරියාවටත් එසේ රට විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

