දේශීය

යුධ හමුදාවේ 10,369කට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වන සම්මාන පෙළපාලිය අද පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සැමරුම් උත්සවය සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේය.

යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 567 දෙනකු සහ සෙසු නිලයින් 10,369 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව යුද හමුදා 72 වන සංවත්සරය සැමරීමට කටයුතු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *