ලාහෝර් – වායු දූෂණය වැඩිම නගරයයි
ගෝලීය වායු ගුණාත්මකභාවය මනිනු ලබන ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කරගත් IQAir ආයතනයේ නවතම දත්ත වාර්තවලට අනුව පසුගිය සඳුදා පාකිස්තානයේ ලාහෝර් නුව වායු ගුණාත්මක දර්ශකය 590 දක්වා ඉහළ යෑමත් සමඟ ලොව වඩාත්ම දුෂිත නගරය ලෙස ශ්‍රේණිගත කර ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වෙතත් එම දර්ශකයේහිම තවත් ශ්‍රේණිගත කිරීමකදී ලාහෝර් නගරයේ පැයක වායු ගුණාත්මකභාවය 647ක් ලෙස සටහන් වීමත් සමඟ අතිශය අනතුරුදායක නගර කාණ්ඩයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වේ.
එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලාහෝර් නගරය පළමු ස්ථානයට පත්වෙද්දී මොංගෝලියාවේ උලාන්බාටර් නගරය දෙවැනි ස්ථානටයත්, ඉන්දියාවේ නවදිල්ලි නගරය තුන්වැනි ස්ථානයටත් පත්වී ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව එළිමහන් සහ ගෘහස්ථ වායු දූෂණය ලොව පුරා මරණ ඉහළ යෑමට දෙවැනි ප්‍රධානතම සාධකය වන අතර, ඉන් වාර්ෂිකව ජීවිත මිලියන 8.1ක් පමණ අහිමිවන බව ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. එහි දත්තවලට අනුව එළිමහන් වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව මරණ මිලියන 4.7ක් සිදුවන බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

